අප ගැන

සංස්කෘත භාෂාව පිළිබඳ හැදින්වීම

ග්‍රීක හා ලතින් භාෂා සමග සමීප සබඳතා දක්වන සංස්කෘත භාෂාව පැරණි ඉන්දු-යුරෝපීය භාෂා ගණයට අයත් වෙයි. එකී ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් එකක් වූ සංස්කෘත භාෂාව වර්තමාන බොහෝ වාචික භාෂාවල පදනම වී ඇත. භාරතයේ සේම මානව ගර්ගයාගේ ඉතිහාසය අද සිට සහස්‍ර වර්ෂ තුනහමාරකට වැඩි තොරතුරු සපයන අතර මෙතරම් දීර්ඝ කාලයක් පිළිබඳ අඛණ්ඩ තොරතුරු සැපයෙන වෙනත් භාෂා සාහිත්‍යයක් නොමැති බැවින් සංස්කෘතය අද්විතීය ද වෙයි.

සංස්කෘතය පූර්ව ශාස්ත්‍රීය සංස්කෘත (Pre-Classical Sanskrit) සහ ශාස්ත්‍රීය සංස්කෘත (Classical Sanskrit) යනුවෙන් වර්ග කරනු ලැබේ. පූර්ව ශාස්ත්‍රීය සංස්කෘතය වෛදික සංස්කෘත භාෂාව හෝ වෛදික භාෂාව වශයෙන් ද හඳුන්වනු ලබන අතර එය ක්‍රි.පූ. 4-5 ශතවර්ෂවලට එහා වූ ශතවර්ෂ දහයකට අධික අතීත කාලයක් ප්‍රකාශ කරනු ලබන විශ්වාස කෙරේ.
සංස්කෘතය ‘දෙවියන්ගේ භාෂව’ (සංස්කෘතං නාම දෛවීවාක් – කාව්‍යාදර්ශය) යනුවෙන් දෙවියන් විසින් දෙන ලද භාෂාව යනුවෙන් ද දැක්වේ. වෛදික භාෂාව, වේද භාෂව, දෛවී භාෂාව යනුවෙන් ද මෙම භාෂාව ව්‍යවහාර කරනු ලැබේ.

සං+√ස්කෘ ධාතු සිද්ධ අතීත කෘදන්ත පදයක් වන ‘සංස්කෘත’ යන්නෙන් ‘සකස් කරන ලද යන අර්ථය ලැබෙයි. පාණිනී ආචාර්යවරයා විසින් ‘අෂ්ටාධ්‍යායී’ නැමැති ව්‍යාකරණ ග්‍රන්ථයෙන් සංස්කෘතයේ ව්‍යාකරණය සංවිධානය කොට ක්‍රමානුකූල කරන ලදි.

පාරිවේණික අධ්‍යාපනය තුළ සිංහල, පාලි භාෂාවන්ට මෙන් ම සංස්කෘත භාෂාවට ද අද්විතීය ස්ථානයක් හිමි වේ. එහෙයින් අප කවුරුත් සංස්කෘත භාෂාව ද නිවැරදි ව දැන සිටීම ඉතා වැදගත් ය. පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය සඳහා අතීතයේ මෙන් ම වර්තමානයේ ද සුවිශේෂී ස්ථානයක් හිමි ව ඇත.

ප්‍රාචීන භාෂාවන්හි අනන්‍යතාව තහවුරු වන ප්‍රබල සාධකයක් ලෙස සංස්කෘත භාෂාව අවිවාදයෙන් හැඳින්විය හැකිය. සම්භාව්‍ය භාෂා ගණයට අයත් වන සංස්කෘත භාෂාව ප්‍රවර්ධනය කර ජීව භාෂාවක් ලෙස අනාගත පරපුරට දායාද කරමින් ප්‍රාචීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ භාෂා විෂයේ ප්‍රවීනයන් බිහි කිරීම වත්මන් ගුරු සිසු දෙපාර්ශ්වයේ ම වගකීම හා යුතුකම වේ. තත් අභිමතාර්ථය සාධනය කිරීම සඳහා සංස්කෘත භාෂා විෂය වෙනුවෙන් සමස්ත පිරිවෙන් ප්‍රජාවට ම හැකි වේවායි පතමු.

cropped-logo-gilana-5 (1)

අපගේ ඒකායන දැක්ම වන්නේ විද්‍යාර්ථින්ගේ බුද්ධියේ සහ හදවතේ නිම්වළලු ප්‍රසාරණය කරවීමත්  සංස්කෘත විෂය කෙරෙහි තබන ලද විශ්වාස ඇතිව ඉගැන්වීමට සහ ඉගෙනීමට අවශ්‍ය අභිලාෂය හා ශක්‍යතාව කූටප්‍රාප්ත කිරීමත් ය.

සමස්ත ශ්‍රී ලංකාවේ ම ගුරු සිදු දෙපිරිසේ ම විශ්වාසය තහවුරුවන පරිදි අන්‍යොන්‍ය යුතුකම් හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීමට භික්ෂු ජීවිතයට අවශ්‍ය දැනුම් සම්භාරය හා යුගයේ ශාසනික වකීමට………..

සංස්කෘත විෂය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේම යුතුකම් සහ වගකීම් මනාව ඉටු කිරීම.

පැවැරෙන රාජකාරි කටයුතු අකුරටම ඉටු කිරීම

ශිෂ්‍ය දක්ෂතා දියුණු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම‘ගොචරෙ, භික්ඛවේ චරථ සකෙ පෙත්තිකෙ විෂයෙ’ යන බුදු වදනට අනුව ස්වකීය විෂය ක්ෂේත්‍රය හඳුනාගෙන ගෙන කටයුතු කිරීම.

පටිසංඛාන බලය හෙවත් පරීක්ෂා කිරීමේ බලය හරහා හොඳ-නරක ස්වයං අවබෝධයෙන් තේරුම් ගැනීමට හැකියාව ඇති කිරීම.

උපයෝගී කර ගනිමින් දැනුමෙන් හා ගුණයෙන් නූතන අභියෝග ජයගැනීමට සමත් ආධ්‍යාත්මික බවින් පිරිපුන් සංස්කෘත භාෂාවේ විධග්ද ගිහි-පැවිදි පරපුරක් සමාජගත කිරීම.